පැය 10 ක විදුලි කප්පාදුවක් ගැන මහ බැංකු අධිපති අනතුරු අඟවයි

පැය 10 ක විදුලි කප්පාදුවක් ගැන මහ බැංකු අධිපති අනතුරු අඟවයි

තවත් දින කිහිපයක් මේ තත්ත්වය පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක් මෙන්ම ඉන්ධන නොමැති වීමක්, ඇතිවිය හැකි බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා.

අද පස්වරුවේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ ,රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ආර්ථික අර්බුදවලින් ගොඩඒමට උදව් නොවන බවයි.

හැකිතරම් ඉක්මණින් යම්කිසි ආකාරයක ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක් පත්කළ යුතු බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම සාමකාමීව අරගලයේ නිරතව සිටි අයට සිදුකළ පහරදීම පිළිකුල් සහගත හෙළාදකින බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Share This