පැය 35ක් පමණ මුහුදේ ගිලී ගිය බෝට්ටුවක සිටි පුද්ගලයෙකු බේරා ගැනේ (VIDEO )

පැය 35ක් පමණ මුහුදේ ගිලී ගිය බෝට්ටුවක සිටි පුද්ගලයෙකු බේරා ගැනේ (VIDEO )

ෆ්ලොරිඩා වෙරළට සැතපුම් 12 ක් ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ අර්ධ වශයෙන් ගිලී ගිය බෝට්ටුවක සිටි පුද්ගලයෙකු බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

25 හැවිරිදි චාල්ස් ග්‍රෙගරි නැමැති මෙම තැනැත්තා මසුන් ඇල්ලීමට ගොස් ඇති බවත් පැය 35ක් පමණ මුහුදේ අතුරුදන්ව සිටි බවත් ඔහුගේ පියා CNN පුවත් සේවය වෙත පවසා තිබෙනවා

මුහුද මැද කුඩා පැතලි පතුලක් සහිත ධීවර බෝට්ටුවක පුද්ගලයෙක් වාඩි වී සිටිනු ගුවන් යානයක සෝදිසි කණ්ඩායමක් දැකීමෙන් පසුව එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායට දැනුම් දීමෙන් අනතුරුව චාල්ස් ග්‍රෙගරිව බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ

Share This