පැහැරගත් අමෙරිකානුවන් හතර දෙනා අතරින් දෙදෙනෙක් මරුට (VIDEO )

පැහැරගත් අමෙරිකානුවන් හතර දෙනා අතරින් දෙදෙනෙක් මරුට (VIDEO )

ටෙක්සාස් සිට දේශසීමාව හරහා මෙක්සිකෝවේ ඊසානදිග Tamaulipas ප්‍රාන්තයේ Matamoros නගරයට රිය පදවමින් සිටියදී එක්සත් ජනපද පුරවැසියන් හතර දෙනෙකු සන්නද්ධ කණ්ඩායමක් විසින් මාර්තු 3 වනදා පැහැර ගැනුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙක්සිකෝවේ දී සන්නද්ධ කණ්ඩායමක් විසින් තුවක්කු පෙන්වා ඔවුන් පැහැරගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ

ඒ අනුව පැහැරගත් අමෙරිකානුවන් හතර දෙනාගෙන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා

ජීවතුන් අතර සිටින දෙදෙනා නැවත එක්සත් ජනපදයට පැමිණ සිටින බව මෙක්සිකානු සහ එක්සත් ජනපද නිලධාරීන් පවසා තිබෙනවා

දිවි ගලවා ගත් දෙදෙනා Matamoros හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ සහයෝගයෙන් එක්සත් ජනපදයට භාර දුන් බව Tamaulipas හි නීතිපති Irving Barrios Mojica ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

දිවි ගලවා ගත් එක් අයෙක් බරපතල තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Zindell Brown සහ Shaeed Woodard යන අයගේ සිරුරු සොයාගෙන ඇති අතර ඒවා යළි එක්සත් ජනපද ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව එරට බලධාරීහු සඳහන් කරනවා.

මෙක්සිකානු ජනාධිපති Andrés Manuel López Obrador පවසා තිබෙන්නේ , “මෙම සිදු වීම ගැන කණගාටු වන අතර, වින්දිතයන්ගේ පවුල්වලට, මිතුරන්ට සහ එක්සත් ජනපද රජයට ශෝකය ප්‍රකාශ බවයි ,

මේ සිදුවීම සම්බන්ධයෙන් Tamaulipas හි 24 හැවිරිදි එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This