පැහැරගත් නැව අතහැර දමා සේවකයන්ව රැගෙන ගිය මුහුදු කොල්ලකරුවන්

පැහැරගත් නැව අතහැර දමා සේවකයන්ව රැගෙන ගිය මුහුදු කොල්ලකරුවන්

පසුගිය සතියේ Guinea බොක්කේ දී පැහැරගත් ඩෙන්මාර්ක් නෞකාව මේ වන විට කොල්ලකරුවන් විසින් අතහැර දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේවෙතත් කාර්යය මණ්ඩලයේ 16 දෙනාගෙන් කිහිප දෙනෙකු ඔවුන් සමග රැගෙන ගොස් ඇති බව නෞකාවේ හිමිකරුවන් සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මුහුදු කොල්ලකරුවන් පස්දෙනා නැවට ඇතුළුවන අවස්ථාවේ සිටි කාර්යය මණ්ඩලය එහි ආරක්‍ෂිත කාමරයට ගොස් සිටි බවද පැවසෙනවා

බේරාගත් පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර නෞකාවට හෝ එහි ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ කිසිවකට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

Share This