
පිංකමකට ගිය පිරිසකගේ නොමිනිස් වැඩකින් සුනඛ සුරතලකුට ජීවිතය අහිමි වේ
නුවරඑළියේ පිංකමකට පැමිණි පිරිසක් සුදු ඉර මත දී සුනඛයෙකු යට කර පලා යාමේ කණගාටුදායක සිදුවීමක් වාර්තා වනවා.
නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක් අසළ සුදු ඉර මත සිටි සුනඛයකු ජීප් රථයකින් යට කර දමා පලා යන අයුරු අසළ වෙළදසැළක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක (22) සටහන් වී තිබුණා.
නුවරඑලිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හළක සේවකයන් සුරතලයට ඇති කරන සුනඛයෙකු නගරයට පැමිණෙන ඇතැම් පිරිස් සමග සෙල්ලම් කරමින් සිටින බව නගර වාසීන් පසනවා.
නුවරඑලිය ප්‍රදේශයේ පිංකමකට පැමිණි පිරිසක් ඊයේ එම ස්ථානයෙන් ජීප් රථයකින් ගමන් ගන්නේ සුනඛයා අනතුරට ලක් නොකර වළක්වා ගැනීමට ඕනෑතරම් ඉඩකඩ තිබියදීයි.
රථයට හැපුන සුනඛයා පසුව එම අන්තුරින් මියගොස් තිබෙනවා.
ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පවසන්නේ මෙම සුනඛයා මාර්ගයේ සුදු ඉර මතින් මාරු වීමට පුරුඩුව සිටි බවයි.
මෙම සිත් පිත් නැති රියදුරු රථය නොනවත්වා ධාවනය කර ගොස් ඇත්තේ මාර්ග අනතුරු පිළිබඳව අප දිනපතා කම්පාවන සිදුවීම් වාර්තා කරන පසුබිමකයි.
