පිටකොටුව ප්‍රදේශයේ යාචක පිරිස්වලටත් එන්නත

පිටකොටුව ප්‍රදේශයේ යාචක පිරිස්වලටත් එන්නත

පිටකොටුව ප්‍රදේශයේ රැඳී සිටින යාචකයන් හා අසරණ පුද්ගලයන් 100ක් පමණ පිරිසකට කොවිඩ් එන්නත ලබාදීමට පොලිසිය හා සෞඛ්‍ය සේවා අංශ කටයුතු කර තිබෙනවා.

ඒ ඔවුන්ගේ ජීවිතවලට ආරක්‍ෂාව සැලැස්වීම මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා කොළඹ නගරයට දෛනිකව පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව වෙත මෙම වෛරසය ව්‍යාප්ත වීමට ඇති හැකියාව අවම කිරීමේ අරමුණෙන්.

පිටකොටුව පොලිස් වසමේ ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ, ප්‍රධාන මාර්ගයේ හරස් වීථිවල හා බැස්ටියන් මාවතේ වැඩි වශයෙන් රැඳී සිටින පුද්ගලයන් මෙසේ එන්නත්කරණයට ලක්කර තිබෙනවා

අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා හැඳුනුම්පතක්, පදිංචිය සඳහා නිවෙසක් හෝ වෙන රැකවරණයක් නොමැති විවිධ ආබාධවලට ලක්වූ පුද්ගලයන් හා සිඟමන් යදින පුද්ගලයන් හට මෙම කොවිඩ් එන්නත ලබාදීම පිටකොටුව පොලිසිය හා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This