පියාගේ පහරදීමෙන් පුතා මරුට

පියාගේ පහරදීමෙන් පුතා මරුට

ගල්කිස්ස බොරුපන ප්‍රදේශයේදී පියෙකු විසින් තියුණු ආයුධයකින් සිදු කළ පහර දීමකින් ඔහුගේ පුත්‍රයා මිය ගොස් තිබෙනවා

පොලිසිය පැවසුවේ ඊයේ (11) පෙරවරුවේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට හා පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි

පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා

පහර දීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ බොරුපනල රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා

Share This