
පියාගේ බලාපොරොත්තු වෙනුවෙන් දුනිත් ඩුබායි හිදී අද ක්‍රිකට් පිටියට (VIDEO)
සිය පියාගේ අභාවය හේතුවෙන් හදිසියේ ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව යළිත් ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගියා.
ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තරගය අතර තුර හදිසි හෘදයාබාධයක් වැළදීමෙන් පසුව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාගේ පියාවන සුරංග වෙල්ලාලගේ මහතා ජිවිතයෙන් සමුගෙන තිබුණා.
එම අවාසනාවන්ත පුවත තරගය නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය දුනිත්ට දැනුම් දීමෙන් පසු දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහු ඊයේ උදෑසනම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මහින්ද හලංගොඩ මහතා සමඟ දිවයිනට පැමිණියා.
හදිසියේ ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන් මෙලෙස දිවිසැරිය නිමකළ දුනිත්ගේ ආදරණිය පියාගේ නිසල දේහය ගල්කිස්සේ පිහිටි පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන අතර හෙට අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
තම පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව දුනිත් වෙල්ලාගේ අද උදැසන නැවතත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය නියෝජනය කිරීමට ශ්‍රීලංකා කණ්ඩායම හා එක්වීමේ අරමුණින් ඩුබායි බලා පිටත්ව ගියා.