පියාසර කරමින් තිබු ගුවන් යානයක කැළඹිමක් – මගීන්ට තුවාල

පියාසර කරමින් තිබු ගුවන් යානයක කැළඹිමක් – මගීන්ට තුවාල

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් සිට මොරිෂස් බලා පියාසර කරමින් තිබූ Condor ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළ ඇතිවූ සෙලවිමේ තත්ත්වයක් හේතුවෙන් ලක්වීමෙන් අවම වශයෙන් මගීන් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොරිෂස් වෙත ගොඩබෑමට පැය දෙකකට පෙර මැඩගස්කරය ආසන්නයේ පියාසර කරමින් සිටියදී මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මොරිෂස් පොලිසියට අනුව මෙම සිදුවීම වන විට DE 2314 ගුවන් යානයේ මගීන් 270 ක් සිට ඇති අතර මොරිෂස් ජාත්‍යන්තර ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා

හදිසි අනතුරු කණ්ඩායම් තුවාල ලැබූ මගීන් ළඟම ඇති රෝහල වෙත රැගෙන ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This