
පිරිමි සහය දිවීමේ කණ්ඩායම රන් පදක්කම දිනයි
තායිලන්තයේ බැංකොක් අගනුවරදී ඊයේ (21) පළමු ආසියානු ශූරතා සහය දිවීමේ තරගාවලියේ දී පිරිමි මීටර් 400 × 4 සහාය දීවීමේ ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, කාලිංග කුමාරගේ සහ දිනුක දේශාන් ගේ සුසංයෝගයෙන් ශ්රී ලංකා කණ්ඩායම දිනා ගැනීමට සමත් වුණා.
මිනිත්තු 3.04.48 ක තරග නිමි කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වූ අතර වාරයේ දී නියමිත දුර ප්රමාණය නිමා කිරීම සඳහා ඉන්දියාවට ගත වූ කාලය මිනිත්තු 3.05.76 ක්.
ලෝකඩ පදක්කම තහවුරු කර ගත් වියට්නාමයට ගත වූ කාලය මිනිත්තු 3.07.37 ක්.
එමෙන්ම පිරිමි මීටර් 100 × 4 සහය දිවීම ඉසව්වේ 04 වැනි ස්ථානය ද කාන්තා මීටර් 100 × 4 සහය දිවීම ඉසව්වේ 05 වැනි ස්ථානය ද කාන්තා මීටර් 400 × 4 සහය දිවීම ඉසව්වේ 04 වැනි ස්ථානය ද ශ්රී ලංකාව සතු වූ බව සඳහන්.
