පිලිපීන සහ චීන නෞකා දෙකක් යළිත් ගැටෙයි

පිලිපීන සහ චීන නෞකා දෙකක් යළිත් ගැටෙයි

පිලිපීන සහ චීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් දකුණු චීන මුහුදේ දී ගැටී තිබෙනවා.

චීනය චෝදනා කරන්නේ පිලිපීන යාත්‍රාව හිතාමතාම සිය නෞකාවේ ගැටුණු බවයි.

කෙසේවෙතත් පිලිපීනය මෙතෙක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

දකුණු මුහුදු චීන සාගර කලාපය මුල්කරගෙන චීනය කලක පටන් කලාපීය රටවල් සමඟ මතගැටුමක නිරත වනවා.

ඊට හේතුව වී ඇත්තේ එම සාගර කලාපයට තායිවානය, පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක්ම හිමිකම් කීම නිසාවෙන්.

Share This