
පිලිපීනයට තවත් දරුණු සුළි කුණාටුවක් පහර දෙයි
දින ගණනාවක් පුරා කල්මේගි සුළි කුණාටුවෙන් බැට කෑ පිලිපීනය යළි එවන්ම උවදුරකට මුහුණ දී සිටිනවා.
ඒ ‘ෆන්ග්-වොන්ග්’ සුළි කුණාටුව පිලිපීනය දෙසට පැමිණීමත් සමඟයි.
කල්මේගී සුළි කුණාටුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 204 දෙනකුට දිවි අහිමි වී පැය ගණනකට පසු එවන්ම වූ සුළි කුණාටුවකට යළි එරට වැසියන්ට මුහුණ දීමට සිදුවීම සැබවින්ම ඛේදවාචකයක්.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පිලිපීනයේ ලුසොන් වෙරළට ඔබ්බෙන් පිහිටි කැටන්ඩුවාන්ස් දූපතට මේ වන විට ‘ෆන්ග්-වොන්ග්’ සුළි කුණාටුවේ බලපෑම් එල්ල වී ඇති බවයි.
පිලිපීනයේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලින් 900,000 කට අධික පිරිසක් ඉවත් කර ඇති අතර, එරටට බලපෑ නවතම කුණාටුව – ෆන්ග්-වොන්ග් – අද අධි සුළි කුණාටුවක් දක්වා තීව්ර වී ඇති තිබෙනවා.
එරට වාර්තා පවසන්නේ මේ හේතුවෙන් මෙට්‍රෝ, මැනිලා ඇතුළු කලාප කිහිපයක දෛනික කටයුතු අත්හිටුවා ඇති බවයි.
පැයට කිලෝමීටර 185 ක අඛණ්ඩ සුළං සහ පැයට කිලෝ මීටර 230 ක් දක්වා ඉහළ සුළං හමන බැවින්, අධි සුළි කුණාටුව ධාරානිපාත වර්ෂාව, විනාශකාරී සහ කුණාටු රළ නිකුත් වීමේ තර්ජනයක් ඇති බව එරට කාලගුණ වාර්තා පෙන්වා දෙනවා.
රටේ විශාල ප්‍රදේශ පුරා කුණාටු අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇති අතර, නැගෙනහිර විසායාස් හි ඇතැම් ප්‍රදේශ දැනටමත් විදුලිය ඇනහිටීම් සිදුව ඇතයි ද සඳහන්.
සිවිල් ගුවන් සේවා නියාමක ප්රකාශයන්ට අනුව, දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 300 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර දමා තිබෙනවා.
පිලිපීන ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ ටියෝඩෝරෝ කුණාටුවේ මාර්ගයේ පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ඉවත් කිරීමේ නියෝගවලට අවනත වන ලෙසයි.
