පිලිපීනයට බලපෑ සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ ගණන තවත් ඉහළට

පිලිපීනයට බලපෑ සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ ගණන තවත් ඉහළට

පිලිපීනයට බලපෑ ඇති ට්‍රැමි සුළි කුණාටුව හේතුවෙන් මියගිය සහ අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 130 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර හටගෙන ඇති කුණාටු තත්ත්වය නිසා ගංවතුර සහ නායයෑම් වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිලිපීනයේ මිලියන 5ක පමණ පිරිසකට මෙම ආපදාවන්ගෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

නිවාස 6300කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර ට්‍රැමි සුළි කුණාටුව එරටට මෙම වසරේදී බලපෑ දරුණුතම කුණාටුවලින් එකක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This