පිලිපීනයේ අදත් භූ කම්පනයක්

පිලිපීනයේ අදත් භූ කම්පනයක්

පිලිපීනයේ මැනිලා අගනුවර ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූ කම්පන තත්ත්වයත් සමග ගොඩනැගිලිවල සිටින පිරිස් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර අගනුවර දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

පසුගිය දින කිහිපය තුළම පිලිපීනයේ විවිධ ප්‍රදේශවලින් ප්‍රබල භූ කම්පන තත්ත්වයන් වාර්තා වූ අතර පුද්ගලයින් දහස් ගණනක් තවමත් එරට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටිනවා.

Share This