පිහි ඇණුමකින් දරුවන් දෙදෙනෙකු මරුට

පිහි ඇණුමකින් දරුවන් දෙදෙනෙකු මරුට

බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් හි ළමා නැටුම් වැඩමුළුවකදී සිදු වූ දරුණු පිහි ඇණුමකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී දරුවන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ වැඩිහිටියන් දෙදෙනෙකුටද පිහි ඇණීම සිදු කළ ඇති අතර ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ සිටින බවයි මර්සිසයිඩ් පොලිසිය පවසන්නේ.

මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඝාතනය කුමන හේතුවක් මත සිදුකළේද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර එය ත්‍රස්තවාදයට සම්බන්ධ දෙයක් ලෙස නොසලකන බවයි පොලිසිය ප්‍රකාශ අකර ඇත්තේ.

Share This