පිහි ඇනුමකින් කෙළවර වුණු පෙම් පළහිලව්ව
අනුරාධපුර කූඹිච්චංකුලම වැව අසලදී සිය පෙම්වතිය ඝාතනයට තැත් කර සියදිවි නසාගැනීමට තැත් කළ අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලීසිය පවසනවා.
කෙසේ නමුත් අදාළ තරුණයා සිය පෙම්වතිය ඝාතනය කිරීමට තැත් කළ අවස්ථාවේ තියුණු ආයුධයකින් කළ පහර දීමෙන් පෙම්වතියට බරපතළ තුවාල සිදුවී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
පෞද්ගලික ආරවුලක් මත අදාළ තරුණයා මෙසේ තම පෙම්වතියව ඝාතනය කිරීමට තැත් කළ බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය දුටු පිරිසක් වාහම ක්රියාත්මක වී පහරදීම සිදුකරමින් සිටි පෙම්වතාව අල්ලා පොලීසියට බාරදී අදාළ තරුණියව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙනවා.