පිහියකින් කපා ගුරුවරියකට තුවාල සිදුකළ තවත් ගුරුවරියක් අත්අඩංගුවට
පිහියකින් කපා පාසැල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද(19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසනවා. .
තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ පාදයක සහ අතක කැපුම් තුවාල ඇති බව සඳහන්.
අත්අඩංගුවට 45 හැවිරිදි ගත් සැකකාර ගුරුවරිය සන්තකයේ තිබී පිහියක්ද සොයාගෙන තිබෙනවා.
මෙම ගුරුවරියන් දෙදෙනා පාසැල් දෙකක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇතිවූ විරසික වීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී අද අළුයම් කාලයේ ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවද පොලිසිය කියා සිටියා.
එම නිවැසියන් විසින් සැකකාරිය අල්ලා පොලිස් හදිසි ඇමතුම් 119 වෙත දැනුම් දී පොලිසියට බාර දීමටයි කටයුතු කර ඇත්තේ.
පෞද්ගලික ප්රශ්ණයක් මෙම අපරාධයට හේතුවී ඇති බවද අනාවරණය වී තිබෙනවා.
බදුල්ල පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.