
පී.වී.සී. නළයක සැගවී ආ කෝටි 2 ක හෙරොයින්
කළුතර විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් හෙරොයින් මත්කුඩු පීවීසී නලයක සගවා රැගෙන යමින් සිටී පුද්ගලයකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා පයාගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු කිසියම් පුද්ගලයකුට ලබාදීම සදහා පීවීසී නළයක පුරවා හෙරොයින් මත්කුඩු රැගෙන යන බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම පයාගල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර පොලීසිය අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත්තා.
ඔහු සතුව තිබූ පීවීසී නලය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු කිලෝ 1 යි, ග්‍රැම් 175 සොයගත් බව පොලීසිය සදහන් කළා.
මුහුදු මාර්ගයෙන් බෝට්ටුවලින් රැගෙන ආ මත්කුඩු තොගයක් තොග වශෙයෙන් බෙදාහැර ඇති බවට සැකකරුගේ ප්‍රකාශ වලින් හෙලිව තිබෙනවා.