පුංචි ඡන්දය ගැන ජනපතිගෙන් කොමිසමේ නිලධාරීන්ට දැනුම් දීමක් (VIDEO)

පුංචි ඡන්දය ගැන ජනපතිගෙන් කොමිසමේ නිලධාරීන්ට දැනුම් දීමක් (VIDEO)

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සියලු දෙනාට එක මතයකට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබෙනවා.

ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව් දෙනෙකු ඊයේ (05) ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදීයි.

එහිදී මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ කටයුතු පිළිබඳව අවධානය යොමුවූ අතර එම සාමාජිකයින් සිව් දෙනා ඒ සම්බන්ධයෙන් මත 4 ක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම්දී ඇත්තේ පළමුව සාමාජිකයින් සියලු දෙනා බහුතර ඒකමතික කැමැත්තක් අනුව කටයුතු කරන ලෙසයි.

කොමිසමේ නිදහස, කොමිසමට භාරදී ඇති බවත් එය ස්වාධීනව පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී දැනුම්දී ඇත්තේ අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙසයි.

ඒ සඳහා නීතිමය සහයෝගය ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී නීතිපතිවරයා දන්වා ඇත්තේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවත්වීම සඳහා පැවතිය යුතු පසුබිම පිළිබඳව වන තත්ත්වයන් තමන් වෙත දැනුවත් කරන ලෙසත් මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබඳ යම් නීතිමය ගැටලුවක් ඇත්නම් ඍජුවම එය තමාවෙත දන්වා එවන ලෙසයි.

Share This