පුංචි ඡන්දය නිසා පාසල්වලට නිවාඩු

පුංචි ඡන්දය නිසා පාසල්වලට නිවාඩු

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබෙනවා.

ඒ අනුව ලබන මැයි මස 5 වනදා සියලුම පාසල් වෙනුවෙන් නිවාඩු ලබාදෙන අතර මැයි 7 වනදා නැවත පාසල් ආරම්භ කිරීම සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් මැයි 4 වන දින වන විට අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු වනවා.

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, ඩෙස්ක්, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බව සඳහන්.

Share This