
පුංචි ඡන්දයට අදාළව ලැබී ඇති පැමිණිලි ගණන 1387ක් දක්වා ඉහළට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1387ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (15) දිනයේ පමණක් කොමිසම වෙත පැමිණිලි 53ක් ලැබී ඇති අතර ඉන් 48ක්ම ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළවයි.
මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති අතර ප්රචණ්ඩ ක්‍රියාවලට අදාළව පැමිණිලි 08ක් ලැබී තිබෙනවා.