
පුංචි ඡන්දයට අදාළව ලැබී ඇති පැමිණිලි ගණන ඉහළ යයි
පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2298ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (22) දිනය වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 122ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
ඒ අනුව මේ දක්වා කාලය තුළ කොමිසම වෙත ලැබී ඇති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ වූ පැමිණිලි සංඛ්‍යාව 2116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.