පුංචි ලෝකාන්තේ ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්

පුංචි ලෝකාන්තේ ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්

පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයකින් නව දෙනෙකු තුවාල ලබා ඇති බව ම⁣ඩොල්සිම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ එලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ මල්වාන ප්‍රදේශයේ සිට පුංචි ලෝකාන්තය නැරඹිමට පැමිණි පිරිසක් බවයි.

බඹර ප්‍රහාරයට ලක්වු අයවලුන් ප්‍රතිකාර සදහා ලුණුගල ග්‍රාමීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් අයෙකු ගේ තත්ත්වය බරපතල බව ⁣එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවා.

Share This