පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන දකුණු අප්‍රිකාවේ අවධානය

පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන දකුණු අප්‍රිකාවේ අවධානය

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර සාකච්ඡා කිරීමට සිදුවනු ඇති බව දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍ය Naledi Pandor පවසනවා

අගෝස්තු මාසයේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුව සඳහා පුටින් මහතා දකුණු අප්‍රිකාවට යාමට නියමිත අතර බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව බ්‍රික්ස් සමුළුව සඳහා සහභාගී වීමට නියමිත වනවා

යුක්‍රේනයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මාර්තු 17 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා

වරෙන්තුව සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු බලධාරීන් පළමුව රුසියානු පාර්ශවය සමඟ සාකච්ඡා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

බටහිර රටවල හෙළා දැකීම් නොතකා දකුණු අප්‍රිකාව මොස්කව් සමඟ දැඩි සබඳතා පවත්වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This