පුටින් බෙලරුස් ජනපති හමුවෙයි – යුක්‍රේනය බෙලරුස් දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

පුටින් බෙලරුස් ජනපති හමුවෙයි – යුක්‍රේනය බෙලරුස් දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

රුසියාව විසින් නව ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි යන බිය නිසා යුක්‍රේනය බෙලරුස් දේශසීමාවේ ආරක්ෂාව තර කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේන නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Yevhen Yenin සන්නද්ධ හමුදා සහ පතොරම් වලින් බෙලාරුසියානු දේශසීමාව ශක්තිමත් කරන බව BBC පුවත් සේවයට පවසා තිබෙන බවද සඳහන් වනවා

මේ අතර රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හමුවීමට මින්ස්ක් වෙත ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රුසියානු ජනාධිපතිවරයා පසුව රුසියාවේ දේශසීමා ශක්තිමත් කිරීමට සහ රුසියාව තුළ සමාජ පාලනයට නියෝග කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාවේ දේශසීමා උල්ලංඝණය කිරීමට, පිටරටින් එන අවදානම්වලට එරෙහිව සටන් කිරීමට මෙන්ම ද්‍රෝහීන් සහ කඩාකප්පල්කාරීන් හඳුනා ගැනීමට දරණ ඕනෑම උත්සාහයක් ආරක්ෂක අංශ විසින් ඉක්මනින් ව්‍යර්ථ කළ යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ

එමෙන්ම රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ බෙලරුස් හි ස්ථානගත කර ඇති තම හමුදා බෙලරුස් සමග ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වන බවයි.

Share This