පුටින් හමුවීමට පාප් වහන්සේ සූදානම්

පුටින් හමුවීමට පාප් වහන්සේ සූදානම්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට මොස්කව් වෙත යාමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කැමත්ත පළ කර තිබෙනවා

යුක්‍රේනයේ පවතින යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පුටින් හමුවීමට උත්සාහ කළත් තවමත් එයට පිළිතුරු නොමැති බවයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කර තිබෙන්නේ

රුසියානු ආක්‍රමණයෙන් දින 20කට පසු වතිකානුවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මාර්ගයෙන් පාප් වහන්සේ ක්‍රෙම්ලිනය වෙත පණිවිඩයක් යවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This