පුද්ගලයන් 200ක් රැගත් සංක්‍රමණික බෝට්ටුවක් අතුරුදන් -ස්පාඤ්ඤ ගලවාගැනීම්කරුවන් සෝදිසි කිරීම් අරඹයි

පුද්ගලයන් 200ක් රැගත් සංක්‍රමණික බෝට්ටුවක් අතුරුදන් -ස්පාඤ්ඤ ගලවාගැනීම්කරුවන් සෝදිසි කිරීම් අරඹයි

සතියකට වැඩි කාලයකට පෙර අතුරුදන් වූ අප්‍රිකානු සංක්‍රමණිකයන් 200ක් පමණ රැගත් බෝට්ටුව සෙවීම සඳහා ස්පාඤ්ඤ ගලවාගැනීම්කරුවන් කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ සෝදිසි කිරීම් ආරම්භ කර තිබෙනවා

පුද්ගලයන් 200ක් පමණ රැගත් බෝට්ටුව ජූනි 27 වන දා ටෙනරීෆ් සිට දළ වශයෙන් 1,700km දුරින් පිහිටි දකුණු සෙනගල්හි වෙරළබඩ නගරයක් වන Kafountine සිට යාත්‍රා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රදේශයේදීම පුද්ගලයන් රැගත් තවත් බෝට්ටු දෙකක් ද අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇති අතර එක් බෝට්ටුවක පුද්ගලයින් 65 ක් පමණ සිටින බවත් අනෙක් බෝට්ටුවේ 60 දෙනෙක් පමණ සිටින බවත් විශ්වාස කරන බව ද පවසා තිබෙනවා

Share This