පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා නිලධාරියෙක් පත්කෙරෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා නිලධාරියෙක් පත්කෙරෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සැප්තැම්බර් මස 24 වන දින සිට පුරප්පාඩු වී තිබෙනවා.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරනු ලබන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී එම්. එස්. පී. සූරියප්පෙරුම මහත්මිය වහාම ක්‍රියාත්මකවන පරිදි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර ඇති බව සඳහන්.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

 

Share This