පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් බෙලිඅත්තේ පුද්ගලයෙක් මරුට

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් බෙලිඅත්තේ පුද්ගලයෙක් මරුට

බෙලිඅත්ත පොලිස් වසමේ නිහිලුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනා අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක් හටගෙන තිබෙනවා.

එහිදී එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයා හට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර,එම අවස්ථාවේදී ඔහු ජීවිතක්ශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදු කල පුද්ගලයා මේවන විට බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී මෙම ඝාතනය සිදුකල පුද්ගලයාගේ බිරිඳගේ පියා මෙම ගැටුම වැලැක්වීම සඳහා මැදිහත්වී ඇති අතර මොහුගේ වම් අතට පිහි පහරක් වැදීම හේතුවෙන් මොහු ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි බෙලිඅත්ත පොලිසිය සඳහන් කළේ.

Share This