පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අල්ලයි

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අල්ලයි

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 75ක්, ජෙලට්නයිට් කූරූ 90ක්, ඩෙටනේටර් කූරූ 300ක් හා සේවා නූල් 05ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 28 හා 30 වයස්වල පසුවන හිදෝගම හා මාපාලඩිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් ගමන් කළ මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

Share This