පෘතුගාලයේ නගරයක් හරහා ගලා ගිය වයින් (VIDEO)

පෘතුගාලයේ නගරයක් හරහා ගලා ගිය වයින් (VIDEO)

පෘතුගාලයේ කඳු බෑවුමකින් වයින් ලීටර් මිලියන ගණනක් වීදි දිගේ ගලා යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා

වීදි දිගේ වයින් ගලා යාමට පටන් ගෙන ඇත්තේ නගරයේ ස්කාගාරයකින් රතු වයින් ලීටර් මිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් සහිත බැරල් ටැංකි අනපේක්ෂිත ලෙස පුපුරා යාමෙන් බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කරනවා

වයින් ගලා යාමෙන් පසු පාරිසරික අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති අතර වයින් නගරයේ සෙසු ප්‍රදේශවලට ගලා යාමට පෙර ස්කාගාරය අසල නිවසක පහළම මාලය ජලයෙන් යටවී ඇති බවද සඳහන්

ස්කාගාරය නිවේදනයක් නිකුත් කරමින් සමාව ඉල්ලා ඇති අතර සිදුවූ හානිවලට මෙන්ම පිරිසිදු කිරීම් සහ අලුත්වැඩියා කිරීම් සම්බන්ධ වියදම් සඳහා සම්පූර්ණ වගකීම භාර ගන්නා බවත් පවසා තිබෙනවා.

Share This