
පෙම්වතා සමග ගිය තරුණිය යතුරු පැදිය ලිස්සා මරුට
අරණායක ප්රදේශයේ තරුණියක් බලංගොඩ, මාරතැන්න ප්රදේශයේ තරුණයෙකු සමග නිවසට නොදන්වා යන අවස්ථාවේ පින්නවල පොලිසිය ඉදිරිපිට වංගුවේදි යතුරු පැදිය ලිස්සගොස් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.
වැසිසහිත කාලගුණය නිසා යතුරු පැදිය ලිස්සා ගොස් බස් රථයේ ඉදිරිපස රෝදයට තරුණිය යට වී බරපතල තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ තරුණිය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.