පේරු හි හිටපු ජනාධිපතිවරයෙක් මිය යයි

පේරු හි හිටපු ජනාධිපතිවරයෙක් මිය යයි

පේරු රාජ්‍යයේ හිටපු නායක ඇල්බර්ටෝ ෆුජිමෝරි (Alberto Fujimori) මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිට මිය ගිය බවට ඔහුගේ දියණිය විසින් තහවුරු කර ඇති බවයි

මිය යන විට අවුරුදු 86 හැවිරිදි වියේ පසු වුණා

ඔහු 1990 සිට 2000 දක්වා කාලය තුළ පේරු පාලනය කර ඇති අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාර ගතව සිට පසුගිය දෙසැම්බර් මාසයේ නිදහස් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This