පොඩි ලැසීගේ ඥාතියෙක් STF අත්අඩංගුවට

පොඩි ලැසීගේ ඥාතියෙක් STF අත්අඩංගුවට

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මදුසංඛ නොහොත් “පොඩි ලැසීගේ” සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතියෙකු බව සඳහන්.

මෙම පුද්ගලයා වසර ගණනාවක් විදෙස් රටක සැඟව සිටින මුවාවෙන් විදෙස් රටවල දුරකථන අංක භාවිත කර තවත් අපරාධ රැසකට සුදානම් වෙමින් සිටින බවට ලද තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුවයි අදාළ වැටලීම සිදු කර ඇත්තේ.

අදාළ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිවේරිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

Share This