පොදු ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කිරීමක් නෑ -එංගලන්තය කොවිඩ් නීති අලුත් කළ හැටි
එංගලන්තයේ කොවිඩ් පාලනය කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබුවා
ඒ අනුව එංගලන්තයේ Plan B ක්‍රියාමාර්ග ලබන බ්‍රහස්පතින්දා සිට අවසන් වන බවත් ,පොදු ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කිරීම ඉවත් කර ඇති බවත් එරට අගමැති Boris Johnson නිවේදනය කර තිබෙනවා
නිවසේ සිට වැඩ කරන ලෙස ජනතාවට ලබා දෙන උපදෙස් රජය වහාම ඉවත් කරන බව ද අගමැතිවරයා පවසන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ
ඔමික්‍රොන් ප්‍රභේදය පැතිර යාම ඉහළ ගොස් ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරන බවත් “අපි උණ සමඟ ජීවත් වන ආකාරයටම කොවිඩ් සමඟ ජීවත් වීමට ඉගෙන ගත යුතුයි ” යනුවෙනුත් අගමැති Boris Johnson පවසනවා.
එමෙන්ම අත් සේදීම, වාතාශ්‍රය ලබා දෙන කාමර සහ ආසාදිත නම් ස්වයං හුදකලා වීම ඇතුළුව වෛරසය වළක්වා ගැනීමට අඛණ්ඩව පියවර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එන්නත් නොකළ අයට ඔවුන්ගේ එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වන ලෙසද ඔහු බලපෑම් කර සිටිනවා.