
පොල් ගස් කැපුවොත් සිර දඬුවම් දෙන්නත් පුළුවන් – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති
අනවසරයෙන් පොල් ගස් කැපීම සිර දඬුවම් පවා ලබා දිය හැකි වරදක් බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා.
ඒ මහතා මේ අදහස් පළ කළේ 2025 පොල් දෙසතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පලිබෝධකයින් මර්ධනය කිරීම සඳහා ‘පොල් දෙසතිය’ නමින් විශේෂ වැඩසටහනක් දිවයිනපුරා ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව එහි පළමු අදියර යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් එළඹෙන 14 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර එදින සිට දින 14ක් පුරා යාපනය දිස්ත්‍රික්කයේ සියලු පොල් ගස් සේදීමට නියමිතයි.