
පොලිස් ඉතිහාසයේ වාර්තාවක් තබමින් නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ
වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කළ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.
නව පොලිස්පති පත්වීමට අදාල පත්වීමේ ලිපිය අද (13) පස්වරුවේ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත භාර දුන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 E (b) වගන්තියට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව මෙම පත්වීම සිදුකර තිබෙනවා.
ඒ අනුව, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙරට පත් වූ 37 වන පොලිස්පතිවරයායි.
ඉහළම තනතුර භාර ගැනීමට පෙර පොලිස් කොස්තාපල්, නියෝජ්‍ය පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී යන ප්‍රධාන නිලයන් තුනම සමත් වූ පළමු පොලිස්පතිවරයා වන්නේ ඒ මහතා වීම ද විශේෂත්වයක්.