
පොලිස් මෙහෙයුම් වලින් ඊයේත් 971 දෙනෙකු සැකපිට අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම අරමුණු කරගෙන දෛනිකව විශාල මෙහෙයුම් සංඛ්‍යාවක් දිවයින පුරා සිදු කෙරෙමින් පවතින අතර ඊයේ දිනය තුල සිදුකළ මෙහෙයුම් වලින් මත්ද්‍රව්‍ය හා විවිධ අපරාදවලට සම්බන්ධ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 6644 දෙනෙකු මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සඳහා සම්බන්ධ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ එහිදී පුද්ගලයන් 27,727 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 10,900 ක්ද යතුරු පැදි 8,385 ක සංඛ්‍යාවක් ද පරීක්ෂාවට ලක් කළ බවයි.
මෙම වැටලීම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 971 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකුද, වරෙන්තුකරුවන් 449 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි.