පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ පවුලට මිලියනයක වන්දියක් (VIDEO)
නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය ලොරි රථ රියදුරාගේ පවුල සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදී තිබෙනවා.
අලව්ව ප්‍රදේශයේ පිහිටි මියගිය රියදුරාගේ නිවසට ගොස් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම මුදල ලබා දුන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ, ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි මොවුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බවයි.
සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.