පොලිස් සේවයට කැපවුණු ජ්‍යේෂ්ඨයෙකුගේ විශ්‍රාම යාම

පොලිස් සේවයට කැපවුණු ජ්‍යේෂ්ඨයෙකුගේ විශ්‍රාම යාම

බස්නාහිර පළාත් උතුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහාන් ප්‍රේමරත්න මහතා අද (16) සිය වසර 38ක සේවා කාලය නිම කරමින් විශ්‍රාම දිවියට එළඹුණා.

සිය වෘත්තීය ජීවිතයේදී ශ්‍රී ලංකා පොලිසියට අපිරිමිත සේවයක් ඉටු කිරීමට ඒ මහතා කටයුතු කළ බව සඳහන්.

පොලිස් පරීක්ෂකවරයෙකු, ස්ථානාධිපතිවරයෙකු, දිස්ත්‍රික් භාර නිලධාරීවරයෙකු මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කරමින් ඒ මහතා සිය වගකීම මෙරට නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

වෘත්තීය දිවියේදී ලබාගත හැකි විශේෂිත වෘත්තීය නිපුණතා දක්වමින් තම සේවා කාලය තුළ පොලිස්පති ප්‍රශංසා 4ක්, විශේෂ වැටුප් වර්ධක ත්‍රිත්වයක්, පොලිස් වීරතා, දක්ෂතා විශිෂ්ඨ සේවා සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක පොලිස් සේවා යන පදක්කම් රැසක් ලබා ගැනීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහාන් ප්‍රේමරත්න මහතා සමත්වී තිබෙනවා.

Share This