
පොලිස්පති මන්ත්‍රී ජගත් විතානට පාතාල සඹඳතා ඇතැයි කිව්වාට නීතිමය පියවර ගන්නා බව කියයි (VIDEO)
තමාට පාතාලය සමග සබඳතා ඇති බවට පොලිස්පතිවරයා ඊයේ කළ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ අද විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීයි.
තමන්ට පාතාල කල්ලියකින් මරණ තර්ජන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකින් පසුව ඔහුගේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදුන්නා.
කෙසේවෙතත් ඊයේ මීරිගම ප්‍රදේශයේදී පොලිස්පතිවරයා පැවැසුවේ ජගත් විතාන මහතාට පාතාලය සමඟ සහසම්බන්ධතා ඇති බවටයි.
