පොලී අනුපාත පහළ දැමේ – මූල්‍ය ආයතනවලට මහ බැංකුවෙන් නියෝගයක්

පොලී අනුපාත පහළ දැමේ – මූල්‍ය ආයතනවලට මහ බැංකුවෙන් නියෝගයක්

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබෙනවා.

උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත මෙලෙස අඩු කිරීමට අදාළ නියෝගයෙන් දැනුම් දී ඇති බව සඳහන්.

1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මගින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්ණායක ද ඉදිරිපත් කර තිබෙනවා,

සාමාන්‍ය ණය පොලී අනුපාතය 13.5% මට්ටමේ පවත්වාගෙන යන ලෙසත්, බලපත්‍රලාභී බැංකු මගින් උකස් පොලී අනුපාතය 18%ක් ලෙස සහ ණයපත් පොලී අනුපාතය 28%ක මට්ටමක පවත්වාගෙන යන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දී ඇති බව සඳහන්.

Share This