පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ හත්වන අදියර ඇරඹෙයි

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ හත්වන අදියර ඇරඹෙයි

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 04 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා

ඒ අනුව අගෝස්තු 07 වැනිදා දක්වා මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා

මේ සඳහා 2019/ 2020/ 2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද උසස් පෙළ විභාගය සමත් සිසුන්ට අවස්ථාව හිමි වන බව සඳහන්

එම අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැකි බවයි එම අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර 070 355 597 079 දුරකථන අංකය අමතා ලබා ගත හැකියි

Share This