
“පොහොට්ටුව මඩ ගහන්න එපා – CID පැමිණිල්ලක්”
මත්ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනීමත් සමග එයට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සම්බන්ධ යැයි කෙරෙන ප්‍රකාශයක් සමඟ පොදු ජන පෙරමුණට හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මඩ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබෙන බව කියමින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.
පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පොදු ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි මහතායි.
පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පසන් කස්තුරි මහතා ,
“එවැනි පුද්ගලයෙක් ඈඳා ගනිමින් මඩ ගැසීම වහාම නවත්තන්න ප්‍රාදේශීය වශයෙන් අපේ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් සිටින්න පුළුවන් ඔවුන් පක්ෂය සමග සෘජු සබඳතා නෑ. මේ වනවිට පක්ෂය ඔහුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණ ගෙන තිබෙනවා. කවුරු වුණත් හරියට පරීක්ෂණ සිදු කරන්න. තවත් අය සම්බන්ධ නම් අත්අඩංගුවට ගන්න.” යැයි පැවසුවා.