පොහොට්ටුවේ සහය ජනපතිට

පොහොට්ටුවේ සහය ජනපතිට

ජනාධිපතිවරණය ප්‍රකාශට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා

අද (30) මාතර කොටුව ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව අමතමින් ඔහු මේ බව කියා සිටියා

රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක් බවත් එවැනි නායකත්වයක් අද රටට හිමිව ඇති බවත් ඔහු එහිදී පැවසුවා

එමෙන්ම ඉදිරියේදීත් ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් ඊළඟ මැතිවරණයේදී එම ප්‍රතිලාභ අහිමි කර ගන්නවාද එසේ නොමැතිනම් මේ ආකාරයටම ඉදිරියට යනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ

Share This