පොහොර ඉල්ලා ගොවීන් දේව කන්නලව්වක
වගා කටයුතු සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් කොත්මලේ ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මෑතගම, මහවෙල වෙල්යායේදී අද (24) උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.
ගොවිතැනට අවශ්‍ය සුදුසු පොහොරක් කඩිනමින් ලබාදීමට වහාම පියවර ගන්නා ලෙසයි ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
මේ වනවිට කුඹුරු හා අනෙකුත් වගාවන් පුරන්ව ගොස් ඇති බවත් පොහොර ගැටළුව හේතුවෙන් ගොවියන් ගොවිතැනින් ඉවත්ව යමින් සිටින බැවින් කඩිනමින් ගොවිතැනට සුදුසු පොහොරක් ලබාදීමට කටයුතු කරන ලෙස මෙම විරෝධතාවයට එක්ව සිටි කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කපිල බණ්ඩාර විජේකෝන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය අවසානයේ පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් සිදු කොට පසුව පොල් ගැසීමටද කටයුතු කර තිබෙනවා.