පොහොර හේතුවෙන් නේපාලයත් අර්බුදයක

පොහොර හේතුවෙන් නේපාලයත් අර්බුදයක

චීනය රසායනික පොහොර අපනයනය සම්බන්ධ වන නීති දැඩි කිරීම හේතුවෙන් නේපාලය දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි වාර්තාවනවා.විදෙස් මාධ්‍ය පවසනවා.

මේ හේතුවෙන් කෟෂිකාර්මික රටක් වන නේපාලයේ ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ රටක් වන නේපාලයේ පොහොර සැපයුම මුලුමනින්ම රඳා පවතින්නේ චීනය මතයි.

හදිසියේම චීනය රසායනික පොහොර නිෂ්පාදනය අඩු කර අපනයනය සීමා කිරීම හේතුවෙන් නේපාලයට මෙම ගැටලුවට මුහුණදීමට සිදුව ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

මේ හේතුවෙන් වී සහ වෙනත් වගාවන් සදහා පොහොර මිලදී ගැනීමට පැය ගණනාවක් පෝලිම්වල කල් ගෙවීමට නේපාල ගොවීන්ට සිදුව ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

Share This