පොළොන්නරුවේ පොහොට්ටු සාමාජිකයින්ගේ සහායත් රනිල්ට

පොළොන්නරුවේ පොහොට්ටු සාමාජිකයින්ගේ සහායත් රනිල්ට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ පොහොට්ටුවේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ මහජන නියෝජිතයන් මෙම තීරණයට එළඹී ඇති බව සඳහන්.

පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මෙම සාකච්ඡාව සංවිධානය කර තිබෙනවා.

පොළොන්නරුව,මැදිරිගිරිය හා මින්නේරිය යන ආසනයන්හි පාලත් පාලන ආසන සංඛ්‍යාව 08ක් වන අතර එම පළාත් පාලන අටෙන් එකක් නගර සභාවක් වන අතර ඉතිරි සියල්ල ප්‍රාදේශිය සභා වන අතර එහි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු 96 දෙනෙකු මේ සාකච්ඡාවට පැමිණි බව සඳහන්.

රැස්ව සිටි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට මෙහිදී ප්‍රතිඥා දී ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This