පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට

පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් එහිදී ලබාගැනීමටයි නියමිතව ඇත්තේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමටද ඉදිරියේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Share This