පොළොව ගිලී යාම හේතුවෙන් ඉන්දියාවේ කාන්තාවන් තිදෙනෙක් මරුට

පොළොව ගිලී යාම හේතුවෙන් ඉන්දියාවේ කාන්තාවන් තිදෙනෙක් මරුට

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ධන්බාද් හි කාන්තාවන් තිදෙනෙකු පොළොව ගිලී යාම නිසා එයට හසුවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔවුන්ගේ නිවෙස්වල වැසිකිලි නොමැතිකම නිසා ඔවුන් නිවසින් පිට ස්ථානයකට පිටත්ව යද්දී මෙලෙස පොළොව ගිලා බැස තිබෙනවා

එක් කාන්තාවක් මුලින්ම ගිලා බැසීමට හසුව ඇති අතර, ඇය සමග පැමිණි තවත් දෙදෙනෙක් උදව් කිරීමට උත්සාහ කළ නමුත් ඔවුන් ද ගිලා බැසීමට හසුව ඇති බවයි පැවසෙන්නේ

මෙලෙස පොළොව ගිලා බැසීමට හසුව මිය ගොස් ඇත්තේ Parla Devi, Tandhi Devi, සහ Mandava Devi යන අයයි

පොලිසිය සහ බිම්බෝම්බ ගලවා ගැනීමේ කණ්ඩායම් පැය කිහිපයකට පසුව පැමිණ ඇති බැවින් ප්‍රදේශවාසීන් නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් චෝදනා කර ඇති බවද සඳහන්

ගලවා ගැනීමේ කණ්ඩායම් සිරුරු තුන ගොඩගැනීමට උත්සාහ දරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This